ශකිබ් IPL එන්න බෑ කියයි
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ බංග්ලාදේශ තුන් ඉරියව් ක්රීඩක ශකිබ් අල් හසාන් මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ බව මේ වන විට ඔහු විසින් කොල්කටා කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි විදෙස් ක්රීඩා මාධ්ය වාර්තා කර ඇත්තේ.
ක්රීඩා කිරීමට නියමිත ජාත්යන්තර තරග හා පෞද්ගලික හේතූන් මත ඔහු එම තීරණය ගෙන ඇති බව සදහන්.
ඒ අනුව ශකිබ් වෙනුවට වෙනත් ක්රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කොල්කටා කණ්ඩායම ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතයි.
ඉන්දීය රුපියල් කෝටි 1.5 මුදලකටයි ශකිබ් අල් හසාන්ව කොල්කටා කණ්ඩායම විසින් ක්රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ.
කෙසේ වෙතත්, කොල්කටා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බංග්ලාදේශයේ ලිටොන් දාස් අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය නිමා වීමෙන් පසුව තවත් දින කිහිපයකින් අයි.පී.එල් තරගාවලියට එක් වනු ඇති.