ශකිබ් ප්‍රමුඛ බංග්ලාදේශයට අයි.සී.සීයෙන් දඩ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සමග ඊයේ(10) පැවැති තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීම හේතුවෙන්.
බංග්ලාදේශ කණ්ඩායම එම තරගයේ දී නියමිත කාලය නිමා වන විට එක් පන්දුවාරයක් යවා අවසන් කර තිබුණේ නැහැ.
අයි.සී.සී නීති ප්‍රකාරව කණ්ඩායමක් නියමිත කාලය වන විට යවා නිමා කර නොමැති පන්දුවාරයක් සදහා තරග ගාස්තුවෙන් 5% ක දඩ මුදලක් පනවනු ලබනවා.
ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 5% ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරක ජවගල් ශ්‍රීනාත් පියවර ගෙන ඇත්තේ.
සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන් විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොකරන බව අයි.සී.සීය නිවේදනය කළා.
ධරම්ශාලා හී දී පැවැති අදාළ තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 137 ක ජයක් වාර්තා කිරිමට එංගලන්තය සමත් වුණා.