Ultimate magazine theme for WordPress.

විල් සදර්ලන්ඩ්ට සමර්සෙට් ගිවිසුම අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක විල් සදර්ලන්ඩ්ට බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මෙවර අන්තර් ප්‍රාන්ත පළමු පෙල ක්‍රිකට් තරගාවලිය (County Championship) සදහා හා ප්‍රාන්ත විස්සයි 20 තරගාවලිය (T20 Blast) සදහා Somerset කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, මෙවර ඔස්ට්‍රේලියානු Sheffield Shield තරගාවලියේ දී Victoria වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදු වූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහුට ලැබී ඇති වෛද්‍ය උපදෙස් අනුව විල් සදර්ලන්ඩ්ට බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට හැකි වන්නේ නැහැ.

24 හැවිරිදි සදර්ලන්ඩ් වෙනුවට තවත් සති තුනකින් පමණ ආරම්භ වන පළමු පෙල ක්‍රිකට් තරගාවලිය සදහා වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට Somerset කණ්ඩායම අවධානය යොමු කර තිබෙනවා.

සදර්ලන්ඩ් පසුගිය තරග වාරයේ දී Essex කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි නමුත්, එම තරගාවලිය ද පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් නිසා ඔහුට අහිමි වුණා.

විල් සදර්ලන්ඩ් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පසුගිය මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මේ වන විට ඔහු තරග දෙකක් ක්‍රීඩා කර තිබෙනවා.