Ultimate magazine theme for WordPress.

වසරකට පසු විලියම්සන් 20යි 20 ජාත්‍යන්තර පිටියට

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ කේන් විලියම්සන්ටයි.

ඔහු 20යි 20 ජාත්‍යන්තර තරගයක් මෙලෙස ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ වසරකට වැඩි කාලයකින් පසුව වීම විශේෂත්වයක්.

ඩෙවෝන් කොන්වේ මෙම 20යි 20 තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, මයිකල් බ්‍රේස්වෙල්, ලොකී ෆර්ගසන්, මැට් හෙන්රි හා හෙන්රි ශිප්ලි යන ක්‍රීඩකයින්ට ආබාධ හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නිෂම් යළි 20යි 20 සංචිතයට කැදවා ඇති අතර, බෙන් සියර්ස් ද සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 27 වැනිදා නේපියර් හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand’s T20I squad:

Kane Williamson (c), Finn Allen, Mark Chapman, Kyle Jamieson, Adam Milne, Daryl Mitchell, James Neesham, Glenn Phillips, Mitchell Santner, Ben Sears, Tim Seifert, Ish Sodhi, Tim Southee

Leave a comment