වනිදුට හෙට තරගය අහිමි වෙයි

ඔස්ට්‍රේලියාව සමග හෙට(16) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වී ඇති බව වාර්තා වනවා.
ඒ, ඔහු ඊයේ පැවැති පළමු එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.
ඔහු අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයකට ද මුහුණ දී ඇති ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය එතරම් බරපතල තත්ත්වයක නොමැති බවයි.
කෙසේ වෙතත්, ඔහුට හෙට තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්.
නමුත්, ඔහු දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන්ම ඉවත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
So as initially suspected, Hasaranga’s not a hamstring injury but a groin strain. He’s out of tomorrow’s game but hasn’t been ruled out of the series. Australia have their own injury woes with Stoinis and Agar down with side strains. Starc and Marsh are also nursing injuries.
— Rex Clementine (@RexClementine) June 15, 2022