ලෝක ශූරයින් පරදා බංග්ලාදේශය තරගාවලිය ජය ගනියි
Match Report
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශය අද (12) සමත් වුණා.
මීර්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලෝක ශූර එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.
බෙන් ඩකට් ලකුණු 28 ක් ද, පිල් සෝල්ට් ලකුණු 25 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී ලකුණු 46 ක් රැස් කළ අතර, මෙහිදි හසාන් ලකුණු 20 යි.
පන්දු යැවීමේ දී ජොෆ්රා ආචර් ලකුණු 13 කට කඩුලු 3 ක් බිද හෙලුවා.