Ultimate magazine theme for WordPress.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දින ප්‍රකාශයට පත් කෙරේ

2021-23 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දින ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(8) නිවේදනය කළා.

ඒ අනුව අවසන් තරගය ජූනි 7 වැනිදා සිට 11 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

අවසන් තරගය සදහා ජූනි 12 වැනිදා අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එංගලන්තයේ ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේ දී යි අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

2019-21 කාලයේ දී අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියර පැවැති අතර, 2021 වසරේ දී එංගලන්තයේ සවුත්හැම්ටන් හී දී පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 8 කින් ඉන්දියාව පරාජයට පත් කළ නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ශූරයින් බවට පත් වුණා.

මේ වන විට රටවල් 9ක් ක්‍රීඩා කරන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව 75.56 % ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන අතර, 58.93 % ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවනවා.

එම කණ්ඩායම් දෙක අතර හෙට(9) සිට තරග 4 කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියේ ප්‍රතිපලය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීම සදහා ප්‍රබල බලපෑමක් සිදු කරනු ඇති.

ශ්‍රී ලංකාව 53.33% ලකුණු ප්‍රතිශතයක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකාව 48.72% ලකුණු ප්‍රතිශතයක් සමගින් සිව්වැනි ස්ථානයේ ද පසුවනවා.

එම කණ්ඩායම් දෙකට ද අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවමත් විවෘතයි.

ටෙස්ට් ශූරතාවලියේ ඉතිරි තරගාවලි –

India v Australia series

  • India v Australia (1st Test) – Nagpur, India, 9-13 February
  • India v Australia (2nd Test) – Delhi, India, 17-21 February
  • India v Australia (3rd Test) – Dharamsala, India, 1-5 March
  • India v Australia (4th Test) – Ahmedabad, India, 9-13 March

South Africa v West Indies series

  • South Africa v West Indies (1st Test) – Centurion, South Africa, 28 February-4 March
  • South Africa v West Indies (2nd Test) – Johannesburg, South Africa, 8-12 March

New Zealand v Sri Lanka series

  • New Zealand v Sri Lanka (1st Test) – Christchurch, New Zealand, 9-13 March
  • New Zealand v Sri Lanka (2nd Test) – Wellington, New Zealand, 17-21 March