Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයේ වාඩුව ගන්න ඉන්දියාව අද තරග බිමට ; තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය අදින්(23) ආරම්භ වනවා.

පළමු තරගය අද රාත්‍රී 7ට විසාකාපට්නම් හී දී ආරම්භ වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසී දින 4ක් පමණක් ගෙවී ඇති පසුබිමකයි මෙම 20යි 20 තරගාවලිය අද ආරම්භ වන්නේ.

කණ්ඩායම් දෙකේම ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මෙම 20යි 20 තරගාවලියට එක් වන්නේ නැහැ.

ඉන්දීය කණ්ඩායම සූර්යකුමාර් යාදව් විසින් ද, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මැතිව් වේඩ් විසින් ද මෙහෙයවනු ලබනවා.

රුටුරාජ් ගයික්වඩ් ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇතත්, අවසන් 20යි 20 තරග දෙකේ දී ෂ්රෙයස් අයියර් උප නායකයා ලෙස සංචිතය සමග එක්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ඩේවිඩ් වෝනර්, පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටක්, කැමරන් ග්‍රීන් හා මිචෙල් මාෂ් වැනි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් මෙම තරගාවලියට එක් වන්නේ නැහැ.

කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 7 දෙනෙකු ඉන්දියාවට එරෙහි 20යි 20 සංචිතයට ඇතුළත්.

මෙම 20යි 20 තරගාවලිය ඉන්දියාව තුළ විකාශය වන්නේ Sports18 හා Colors Cineplex නාලික ඔස්සේයි. ඩිජිටල් විකාශනය Jio Cinema ඔස්සේ සිදු වනවා.

මෙරට Dialog TV පාරිභෝගිකයින්ට නාලිකා අංක 126 ඔස්සේ තරගාවලිය සජීවීව නැරඹිය හැකියි. එමෙන්ම ViU යෙදුම (App) ඔස්සේ ද තරගාවලිය නැරඹීමේ අවස්ථාව පවතිනවා.

PEOTV ඔස්සේ මෙම තරගාවලිය විකාශය වන්නේ ද යන්න මෙතෙක් නිවේදනය කර නැහැ.

Australia’s squad :

Matthew Wade (c), Travis Head, Steven Smith, Glenn Maxwell, Matt Short, Marcus Stoinis, Tim David, Josh Inglis, Aaron Hardie, Jason Behrendorff, Sean Abbott, Nathan Ellis, Kane Richardson, Adam Zampa, Tanveer Sangha

India’s squad:

Suryakumar Yadav (Captain), Ruturaj Gaikwad (vice-captain), Ishan Kishan, Yashasvi Jaiswal, Tilak Varma, Rinku Singh, Jitesh Sharma (wk), Washington Sundar, Axar Patel, Shivam Dubey, Ravi Bishnoi, Arshdeep Singh, Prasidh Krishna, Avesh Khan, Mukesh Kumar, Shreyas Iyer (for last two T20Is)

Leave a comment