ලෝක කුසලානයේ දී එංගලන්තයට උපදෙස් දෙන්න මයිකල් හසී පත් කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්ත කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයට නව පත් කිරීම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ හිටපු පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වන ඩේවිඩ් සේකර් හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු, ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් හසී උපදේශක පුහුණුකරුවන් ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සේකර් 2010 වසරේ සිට 2015 වසර දක්වා එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.
ඔහු එළඹෙන පාකිස්තාන තරග සංචාරයේ දී ද එංගලන්ත කණ්ඩායම සමග කටයුතු කිරීමට නියමිත අතර, 47 හැවිරිදි මයිකල් හසී ලෝක කුසලානය සදහා එංගලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව කණ්ඩායම සමග එක් වීමට නියමිතයි.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
England IT20 Pakistan Tour and ICC T20 World Cup Coaching Team :
- Head Coach – Matthew Mott
- Assistant Coach – Richard Dawson
- Assistant Coach – Carl Hopkinson
- Coaching Consultant – Mike Hussey (World Cup only)
- Coaching Consultant – David Saker