ලේතම්-කොන්වේ සබදතාවය නවසීලන්තය ඉනිමක පරාජයේ අවදානමෙන් ගලවයි
Day 3 Report
සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර වෙලින්ටන් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය අද(26) නිමා වුණා. ඒ වන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්යාව 202 ක්.
ඒ අනුව නවසීලන්තය ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 24 ක් ලබා ගත යුතුයි.
අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 138 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 209 ක් පමණයි. නායක ටිම් සවුති පන්දු 49 කින් ලකුණු 73 ක් රැස් කළ අතර, ටොම් බ්ලන්ඩල් ලකුණු 38 ක් ලබා ගත්තා.
ලකුණු 103 ට කඩුලු 7ක් දැවී ගොස් තිබූ අවස්ථාවක ඔවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු ලකුණු 98 ක සම්බන්ධතාවය නවසීලන්ත කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්යාවක් කරා රැගෙන යාමට හේතු වුණා. ටොම් ලේතම් ලකුණු 35 යි.
පන්දු යැවීමේ දී ස්ටුවට් බ්රෝඩ් කඩුලු 4 ක් දවා ගත් අතර, ජේම්ස් ඇන්ඩර්සන් හා ජැක් ලීච් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
අනතුරුව යළි දෙවැනි ඉනිම ද ක්රීඩා කරන ලෙසට එංගලන්ත කණ්ඩායම විසින් නවසීලන්තයට ආරාධනා කළ අතර, ඒ අනුව දෙවැනි ඉනිම ආරම්භ කළ ටොම් ලේතම් හා ඩෙවෝන් කොන්වේ පළමු කඩුල්ලට ලකුණු 149 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණේ ඉනිමක ජයක් ලැබීමේ එංගලන්ත බලාපොරොත්තු කඩකරමින්.
කොන්වේ ලකුණු 61 ක් රැස් කළ අතර, ලේතම් දැවී ගියේ ලකුණු 83 ක් ලබා සිටියදීයි. විල් යන්ග් ලකුණු 8යි. කේන් විලියම්සන් නොදැවී ලකුණු 25 ක් හා හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 18 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 2 ක් ද, ජෝ රූට් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 435 ක් ලබා සිටියදීයි.
That is a 𝙗𝙚𝙖𝙪𝙩𝙮 😍
The Nut with an absolute seed to dismiss Will Young 🔥
England turning the tide late on day 3 🌊#NZvENG pic.twitter.com/veyQdPadMM
— Cricket on BT Sport (@btsportcricket) February 26, 2023