Ultimate magazine theme for WordPress.

ලුන්ගි එන්ගිඩී වෙනුවට දිල්ලි කැපිටල්ස් පිල ආදේශක ක්‍රීඩකයෙකු නම් කරයි

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකරුවෙකු වන Jake Fraser-McGurk සමග එළඹෙන අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩී වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු වශයෙන්.

මෙම වසර මුලදී ලුන්ගි එන්ගිඩී SA20 තරගාවලිය අතරතුර දී පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට මුහුණ දුන් අතර, ඔහු තවමත් ඉන් සම්පූර්ණ සුවය ලබා නැහැ.

Fraser-McGurk මෙවර ILT20 තරගාවලියේ දී ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 3ක් ක්‍රීඩා කළා.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් යටතේයි ඔහු දිල්ලි පිල සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

ILT20 තරගාවලියේ දී Fraser-McGurk ඉනිම් තුනකදී ලකුණු 109 ක් රැස් කළ අතර, ප්‍රහාරාත්මක වේගය සටහන්ව තිබුණේ 213.72 ක් ලෙසයි.

Leave a comment