Ultimate magazine theme for WordPress.

ලිවින්ග්ස්ටන්ට පළමු අයි.පී.එල් තරගය අහිමි වෙයි

එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පංජාබ් කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දෙසැම්බර් මාසයේ දී මුහුණ දුන් දණහිසක ආබාධයෙන් පසු තවමත් එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පවතින බවට සහතිකයක් ලැබී නොමැති බැවින්.

අයි.පී.එල් තරගාවලිය යටතේ කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අප්‍රේල් පළමු වැනිදා මොහාලි හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි.

කෙසේ වෙතත්, අප්‍රේල් 5 වැනිදා කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරන සිය දෙවැනි තරගයේ සිට ලියම් ලිවින්ග්ස්ටන්ට අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

පසුගිය වසරේ අයි.පී.එල් තරගාවලියේ දී ඔහු තරග 14 කදී ලකුණු 437 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, 36.41 ක ඉනිමක සාමාන්‍යයක් හා 182.08 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව්ට ද මෙවර තරගාවලිය ආබාධයක් හේතුවෙන් අහිමි වුණා.

Leave a comment