Ultimate magazine theme for WordPress.

ලහිරු කුමාරත් ලෝක කුසලානයෙන් ඉවතට ; චමීර සංචිතයට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, හෙට(30) ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගය වෙනුවෙන් පූනේ හී දී පුහුණුවීම් සිදු කරමින් සිටියදී මුහුණ දුන් වම් කලවා ප්‍රදේශයේ ආබාධයක් හේතුවෙන්.

පසුගියදා එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව කඩුලු 8ක ජයක් වාර්තා කළ තරගයේ දී කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේ ලහිරු කුමාරයි.

කුමාරගේ ආබාධය හේතුවෙන් ඔහු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආදේශ කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

ඒ අනුව හෙට ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය සදහා ද චමීර ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙකු ආදේශ කර තිබෙනවා.

දසුන් ශානක හා මතීෂ පතිරණ මීට පෙර ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කෙරුණා. ඔවුන් වෙනුවට සංචිතයට ආදේශ කෙරුණේ චාමික කරුණාරත්න හා ඇන්ජෙලෝ මැතිව්ස්.

Sri Lanka squad:

Kusal Mendis (c), Kusal Perera, Pathum Nissanka, Dushmantha Chameera, Dimuth Karunaratne, Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Maheesh Theekshana, Dunith Wellalage, Kasun Rajitha, Angelo Mathews, Dilshan Madushanka, Dushan Hemantha, Chamika Karunaratne.

Leave a comment