Ultimate magazine theme for WordPress.

ලකුණු 70 ක ජයකින් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

Match Report

ස්කොට්ලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 70 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම (2-0) තහවුරු කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(6) සමත් වුණා.

එඩින්බර්ග්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තා.

ට්‍රැවිස් හෙඩ් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ලකුණු 16 ක් රැස් කළා.

සුපිරි ශතකයක් වාර්තා කළ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 103 ක් රැස් කළේ පන්දු 49 කින්. හයේ පහර හා හතරේ පහර 7 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු පන්දු 43 කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර, ඒ අනුව ඉන්ග්ලිස් ඉතිහාසගත වුණේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම විස්සයි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙසයි. කැමරන් ග්‍රීන් ලකුණු 36 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Brad Currie ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

බ්‍රෙන්ඩන් මැක්මලන් පන්දු 42 කින් ලකුණු 59 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී මර්කස් ස්ටොයිනිස් ලකුණු 23 කට කඩුලු 4 ක් බිද හෙලුවා.