ලකුණු 20ක ජයකින් ඉන්දියාව තරගාවලිය දිනයි
Match Report

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (3-1) ඉන්දීය කණ්ඩායම අද (1) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති සිව්වැනි තරගයෙන් ඉන්දියාව ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
රායිපූර්හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 174 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.
ඉන්දියාව වෙනුවෙන් රින්කු සිං ලකුණු 46(29)ක් , යශස්වි ජයිස්වාල් ලකුණු 37 (28) ක්, ජිටේෂ් ෂර්මා ලකුණු 35(19)ක් හා රුටුරාජ් ගයික්වඩ් ලකුණු 32(28)ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Ben Dwarshuis ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Jason Behrendorff හා Tanveer Sangha කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ඔස්ට්‍රේලියානු පිළිතුරු ඉනිම වෙනුවෙන් මැතිව් වේඩ් නොදැවී ලකුණු 36(23) ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 31(16) ක් රැස් කළා.
පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 16 කට කඩුලු 3 ක් බිද හෙලුවා. දීපක් චහාර් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 44 ක් ලබා දෙමින්.