Ultimate magazine theme for WordPress.

ලක්ෂිත හා මදුෂංකගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා A පිල 131 කට දැවී යයි

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (13).

අද දිනයේ දී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා A කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 131 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

දකුණු අප්‍රිකා A ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Matthew Breetzke. ඔහු ලකුණු 59 ක් රැස් කළේ හතරේ පහර 5ක් සමගින්. Keegan Petersen ලකුණු 19 ක් ද, Dewald Brevis ලකුණු 16 ක් ද රැස් කළා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව අභිබවා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. නායක Tony de Zorzi ලකුණු 9කටත්, Tristan Stubbs ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ ලකුණු 19 කට කඩුලු 5ක් දවා ගත්තා. ඩිල්ෂාන් මදුෂංක ලකුණු 31 කට කඩුලු 3 ක් ද, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 61 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 325 ක්.

ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 98 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 11 ක් සමගින්. ලහිරු උදාර ලකුණු 42 යි. රමේෂ් මෙන්ඩිස් ලකුණු 78 ක් වාර්තා කිරීමට සමත් වුණා. පන්දු 89 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී සෙනුරන් මුතුසාමි ලකුණු 122 කට කඩුලු 7 ක් දවා ගැනීම කැපී පෙනුණා. Kwena Maphaka කඩුලු 2 ක් ද, ට්‍රිස්ටන් ස්ටබ්ස් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 194 ක්.

Leave a comment