Ultimate magazine theme for WordPress.

ලංකා ප්‍රිමියර් ලීග් හා GT20 දින අතර ඝට්ටනයක් ; විදෙස් ක්‍රීඩකයින් 7ක් තරගාවලි දෙකේම

Global T20 Canada (GT20) තරගාවලියේ තෙවැනි අදියර සදහා වන ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Draft) පසුගිය 14 වැනිදා මුම්බායි හී දී පැවැත්වුණා. එනම්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැති දිනයේ දී ම යි මෙම ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු ද සිදු කෙරුණේ.

එහිදී හර්බජාන් සිං, ශහිඩ් අෆ්රිඩි, අන්ඩ්‍රි රසල්, ක්‍රිස් ගේල්, ශකිබ් අල් හසාන් හා මොහමඩ් රිස්වාන් වැනි ක්‍රීඩකයින් තරගාවලිය සදහා තෝරා ගැනීමටයි GT20 කණ්ඩායම් හිමිකරුවන් පියවර ගත්තේ.

වසර 4 කට පසුව යළි පැවැත්වෙන මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා Ontario පැවැත්වීමට නියමිතයි. දින 18 ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 25 ක් ඇතුළත්.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන දින සමග ඝට්ටනයක් සිදු වීමට ඉඩ පවතිනවා. Global T20 Canada තරගාවලියට පාකිස්තාන ක්‍රීඩකයින් 14 දෙනෙකු තෝරා ගෙන ඇතත්, ටෙස්ට් තරගාවලියට නම් කරන ක්‍රීඩකයින්ට මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

එමෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව GT20 හා LPL තරගාවලය අතර ද යම් ඝට්ටනයක් සිදු වනු ඇති.

ඉෆ්ටිකාර් අහ්මඩ්, ශකිබ් අල් හසාන්, මොහමඩ් හැරිස්, ක්‍රිස් ලින්, සමාන් ඛාන්, ෂොයිබ් මලික් හා ශහ්නවාස් දහානි වැනි ක්‍රීඩකයින් මෙම 20යි 20 තරගාවලි දෙක සදහාම ක්‍රීඩා කිරීමට මේ වන විට තෝරා ගෙන තිබෙනවා.

ඒ අනුව LPL තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් GT20 තරගාවලිය සදහා ක්‍රීඩා කළහොත්, එම ක්‍රීඩකයින්ට LPL තරගාවලියේ පළමු තරග කිහිපය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

සංචිත 6 –

Brampton Wolves:

Harbhajan Singh, Colin De Grandhomme, Tim Southee, Mark Sinclair Chapman, Usama Mir, Hussain Talat, Usman Khan, Logan Van Beek, Jan Nicolaas Frylinck, Max O Dowd, Jeremy Gordon, Aaron Johnson, Rizwan Cheema, Shahid Ahmadzai, Rishiv Joshi, Gurpal Singh Sandhu. Coach: Shane Bond

Montreal Tigers:

Andre Russell, Shakib Al Hasan, Chris Lynn, Sherfane Rutherford, Carlos Brathwaite, Muhammad Abbas Afridi, Zahir Khan, Muhammad Waseem, Akif Raja, Aayan Khan, Dipendra Airee, Kaleem Sana, Srimantha Wijeratne, Matthew Spoors, Bhupendra Singh, Dilpreet Singh, Anoop Chima. Coach: Dav Whatmore

Mississauga Panthers:

Shoaib Malik, Chris Gayle, Azam Khan, James Neesham, Cameron Scott Delport, Shahnawaz Dahani, Zahoor Khan, Tom Cooper, Cecil Pervez, Jaskarandeep Singh Buttar, Navneet Dhaliwal, Nikhil Dutta, Shreyas Movva, Praveen Kumar, Mihir Patel, Ethan Gibson. Coach: Lance Klusener

Surrey Jaguars:

Alex Hales, Iftikhar Ahmed, Jason Behrendorff, Litton Kumar Das, Karim Janat, Mohammad Haris, Sheel Patel, Sandeep Lamichhane, Jatinder Singh, Ayaan Khan, Bernard Scholtz, Pargat Singh, Dilon Heyliger, Ammar Khalid, Sunny Matharu, Kairav Sharma. Coach: Lalchand Rajput

Toronto Nationals:

Colin Munro, Shahid Afridi, Fazalhaq Farooqi, Zaman Khan, Saim Ayub, Abdullah Shafique, Hamza Tariq, Gerhard Erasmus, JJ Smit, Saad Bin Zafar, Farhan Malik, Nicholas Kirton, Armaan Kapoor, Sarmad Anwar, Rommel Shahzad, Udhaya Bhagwan. Coach: Aaqib Javed

Vancouver Knights:

Mohammad Rizwan, Rassie van der Dussen, Naveen-ul-Haq, Reeza Hendricks, Corbin Bosch, Najibullah Zadran, Junaid Siddiqui, Vriitya Aravind, Karthik Meiyappan, Ruben Trumpelmann, Ravinderpal Singh, Harsh Thaker, Rayyan Pathan, Muhammad Kamal, Nawab Singh, Kanwar Tathgur. Coach: Donovan Miller

Leave a comment