Ultimate magazine theme for WordPress.

රෝහිත් ෂර්මාගෙන් බින්දු වාර්තාවක්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාට අද(6) අනවශ්‍ය වාර්තාවක් සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සිදු වුණා.

ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ලකුණු නොලබා වැඩිම අවස්ථා ගණනකදී දැවී ගිය පිතිකරුවා බවට පත් වෙමින්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද පස්වරුවේ දී චෙන්නායි හී දී ආරම්භ වූ තරගයේ දී රෝහිත් පන්දු 3 කට පමණක් මුහුණ දී ලකුණු නොලබා දැවී ගියා. එය ඔහු මෙවර තරගාවලියේ දී අඛන්ඩව ලකුණු නොලබා දැවී ගිය දෙවැනි අවස්ථාවයි.

මේ වන විට අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ දී රෝහිත් ෂර්මා අවස්ථා 16 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.

වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ අවස්ථා 15 කදී ලකුණු නොලබා දැවී ගොස් ඇති සුනිල් නරේන්, මන්දීප් සිං හා දිනේෂ් කාර්තික්.