රෝහිත් නායකත්වයෙන් ඉවතට ; නව නායකයාත් නිවේදනය කෙරේ

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා පත් කර තිබෙනවා.
ඒ, මෙතෙක් මුම්බායි කණ්ඩායමේ නායකත්වය දැරූ රෝහිත් ෂර්මා වෙනුවටයි.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ලෙස පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාර දෙකේ දී කටයුතු කළ පාන්ඩ්යා යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග 2024 තරග වාරය වෙනුවෙන් එක් වුණේ මුම්බායි පිල විසින් ඔහුව සෘජුවම ගුජරාට් කණ්ඩායමෙන් මිලදී ගැනීමට පියවර ගැනීමත් සමගයි.
ඉන්දීය රුපියල් කෝටි 15 ක මුදලකට හර්ඩික් පාන්ඩ්යා එලෙස යළි මිලදී ගැනීමට මුම්බායි කණ්ඩායම කටයුතු කර තිබුණා.
පාන්ඩ්යා 2015 වසරේ දී මුම්බායි කණ්ඩායම සමග එක් වුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලකටයි. ඒ අනුව 2015, 2017, 2019 හා 2020 වසරවලදී අයි.පී.එල් ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.
කෙසේ වෙතත්, 2022 හා 2023 තරගවාර වලදී පාන්ඩ්යා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙනුයි ක්‍රීඩා කළේ.
ටයිටන්ස් කණ්ඩායමේ පළමු අයි.පී.එල් අදියර වූ 2022 තරගාවලියේ දී හර්ඩික් පාන්ඩ්යාගේ නායකත්වය යටතේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අයි.පී.එල් ශූරයින් බවට පත් වූ අතර, 2023 තරගාවලියේ අනුශූරයින් බවට පත් වුණා.
කෙසේ වෙතත්, රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉතා ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කළ අතර, 2013, 2015, 2017, 2019 හා 2020 වසරවලදී මුම්බායි පිල අයි.පී.එල් ශූරයින් වූයේ ද රෝහිත්ගේ නායකත්වය යටතේයි.
මේ අතර, හර්ඩික් පාන්ඩ්යා මුම්බායි පිල සමග යළි එක්වීමත් සමග පුරප්පාඩු වූ ගුජරාට් ටයිටන්ස් නායකත්වයට ෂුබ්මන් ගිල් පත් කිරීමට ද මීට පෙර පියවර ගැනුණා.
හර්ඩික් පාන්ඩ්යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීම පිළිබද MI කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානී (Global Head of Performance) මහේල ජයවර්ධන මෙලෙස අදහස් දක්වා තිබෙනවා.
“It is part of legacy building and staying true to the MI philosophy of being future-ready. Mumbai Indians have always been blessed with exceptional leadership right from Sachin to Harbhajan and Ricky to Rohit, who while contributing to the immediate success have always had an eye on strengthening the team for the future. It is in keeping with this philosophy that Hardik Pandya will assume captaincy of Mumbai Indians for the IPL 2024 season.
“We express our gratitude to Rohit Sharma for his exceptional leadership; his tenure as the captain of the Mumbai Indians since 2013 has been nothing short of extraordinary. His leadership has not only brought unparalleled success to the team but has also solidified his place as one of the finest captains in the history of the IPL. Under his guidance, MI became one of the most successful and loved teams ever. We will look forward to his guidance and experience on and off the field to further strengthen MI,”
“We welcome Hardik Pandya as the new captain of MI and wish him all the very best.”