රෝහිට් ෂර්මාගේ වාර්තාවක් තීක්ෂණ බිද දමයි

ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ නව වාර්තාවක් පිහිටුවීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්රී ලංකා දග පන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.
ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඊයේ(12) පැවැති මෙවර තරගාවලියේ 22 වැනි තරගයේ දී යි.
මෙම තරගයේ දී විශීෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තීක්ෂණ ලකුණු 33කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.
ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නායක ෆෆ් ඩු ප්ලෙසිස්, අනුජ් රාවත්, ශහ්බාස් අහ්මඩ් හා සුයෂ් පුභුදෙස්සායි යන පිතිකරුවන්.
මෙම දක්ෂතාවයත් සමග 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ ඉතිහාසගත වුණේ අයි.පී.එල් තරගයකදී කඩුලු 4ක් දවා ගත් ලාබාලතම පිට දග පන්දු යවන්නා ලෙසයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රෝහිට් ෂර්මා විසින්.
රෝහිට් 2009 වසරේ දී ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම නියෝජනය කරන අතරතුර කඩුලු 4ක් දවා ගනිමින් අදාළ වාර්තාව පිහිටවනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි.
එවකට ඔහුගේ වයස සටහන් වුණේ අවුරුදු 22යි දින 6ක් ලෙසයි.
Youngest off spinner to take a four-wicket haul in IPL:
21y 255d – Maheesh Theekshana v RCB, 2022
22y 6d – Rohit Sharma v MI, 2009#IPL2022— Kausthub Gudipati (@kaustats) April 13, 2022