Ultimate magazine theme for WordPress.

රූට්ගේ ශතකය හා ඇට්කින්සන්ගේ අර්ධ ශතකය හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට

Day 1 Report

ජෝ රූට්ගේ විශිෂ්ඨ ශතකය හමුවේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(29) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 358 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ගස් ඇට්කින්සන් ලකුණු 74 ක් හා මැතිව් පොට්ස් ලකුණු 20 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටිනවා.

එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 216 දී දැවී ගිය නමුත්, අනතුරුව ජෝ රූට් සමග පිටියේ එක් වූ ඇට්කින්සන් 7 වැනි කඩුල්ලට ලකුණු 92 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවෙන් තරගයේ පාලනය උදුරා ගැනීමට සමත් වුණා.

රූට් ලකුණු 143 ක් රැස් කළේ හතරේ පහර 18 ක් සමගින්. අද ඔහු වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 33 වැනි ශතකයයි.

බෙන් ඩකට් ලකුණු 40 ක් හා හැරී බෲක් ලකුණු 33 ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් දවා ගත් අතර, ප්‍රභාත් ජයසූරිය ද එක් කඩුල්ලක් බිද හෙලුවා.