Ultimate magazine theme for WordPress.

රිෂාබ් පාන්ට් දරුණු රිය අනතුරකට ලක් වෙයි

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් දරුණු රිය අනතුරකට මුහුණ දී තිබෙනවා.

Uttarakhand හි Roorkee ප්‍රදේශයේ දී ඔහු මෙම මෝටර් රථ අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දෙහ්රාදූන් හි රෝහලක ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර, සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නැහැ.

කෙසේ වෙතත්, ඔහුගේ හිසට හා දණහිසකට තුවාල සිදුව ඇති බව සදහන්.

අලුයම 5.30ට පමණ ඔහුගේ මෝටර් රථය මෙලෙස දරුණු අනතුරකට ලක්ව ඇති බවයි පොලිස් ප්‍රකාශකයෙකු එන් ඩී ටී වී මාධ්‍ය ආයතනය වෙත පවසා ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී ඔහු තනිවම මෝටර් රථය තුළ සිට ඇති අතර, අනතුරට ලක්වීමත් සමග එය ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අනතුරුව ඔහු ඉන් පිටතට පැමිණ ඇත්තේ මෝටර් රථයේ වීදුරුවක් කඩා බිද දමමින්.