රිෂාබ් පාන්ට් ටෙස්ට් සංචිතයට කැදවයි

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඉන්දීය සංචිතය ඊයේ රාත්‍රියේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කළා.
සංචිතය සදහා කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී දරුණු රිය අනතුරකට මුහුණ දීමෙන් පසුව ඔහුව ටෙස්ට් සංචිතයට කැදවූ පළමු අවස්ථාව මෙයයි.
වළලුකර ශල්‍යකර්මයකට මුහුණ දී තවමත් සුවය ලබමින් සිටින බැවින් මොහමඩ් ෂාමිට මෙම ටෙස්ට් තරගාවලිය ද අහිමි වී තිබෙනවා.
වමත් වේග පන්දු යවන ක්‍රීඩක යශ් දයාල් පළමු වරට ටෙස්ට් සංචිතයට නම් කර ඇති අතර, රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකු සහිත සංචිතයට කේ එල් රාහුල් ද යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් 19 වැනිදා චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි ටෙස්ට් තරගය සැප්තැම්බර් 27 වැනිදා සිට කන්පූර්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
India’s squad for first Test vs Bangladesh
Rohit Sharma (capt), Yashasvi Jaiswal, Shubman Gill, Virat Kohli, KL Rahul, Sarfaraz Khan, Rishabh Pant (wk), Dhruv Jurel (wk), R Ashwin, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Mohammed Siraj, Akash Deep, Jasprit Bumrah, Yash Dayal