Ultimate magazine theme for WordPress.

රිචර්ඩ්ස්-බෝතම් කුසලානයට කොදෙව් සංචිතය නම් කෙරේ

එංගලන්ත තරග සංචාරයේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය පසුගියදා එරට ක්‍රිකට් ආයතනය විසින් නම් කළා.

සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ආරම්භක පිතිකරුවෙකු වන Mikyle Louis නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, උප නායකයා ලෙස අල්සාරි ජෝසප් නම් කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව අවසන් වරට පැවැති තරගාවලිය ක්‍රීඩා නොකළ ජෙයිඩ්න් සීල්ස් මෙන්ම එම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ ජේසන් හෝල්ඩර් ද එංගලන්ත සංචාරය සදහා කැදවීමටයි තීරණය කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන Richards-Botham කුසලාන ටෙස්ට් තරගාවලිය ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ජූලි 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Squad:

Kraigg Brathwaite (C), Alick Athanaze, Joshua Da Silva, Jason Holder, Kavem Hodge, Tevin Imlach, Alzarri Joseph (VC), Shamar Joseph, Mikyle Louis, Zachary McCaskie, Kirk McKenzie, Gudakesh Motie, Kemar Roach, Jayden Seales, Kevin Sinclair