Ultimate magazine theme for WordPress.

රසල් හා පොලාඩ් නයිට් රයිඩර්ස් කණ්ඩායමට ; CPL ක්‍රීඩකයින් රදවා ගැනීම් හා නව ගිවිසුම් මෙන්න

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගන්නා (retain) දේශීය ක්‍රීඩකයින් හා නව ගිවිසුම් අත්සන් කළ (sign) දේශීය ක්‍රීඩකයින් පිළිබද තොරතුරු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර ක්‍රීඩකයින් රදවා ගැනීමේ ක්‍රියාවලියට අදාළ කටයුතු අවස්ථා දෙකක් යටතේ සිදු වුණා. පළමු අවස්ථාවේ දී සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 5 දෙනෙකු දක්වා රදවා ගැනීමට අවස්ථාව ලබා දුන්නා.

අනතුරුව දෙවැනි අවස්ථාවේ දී වෙනත් කණ්ඩායම් විසින් රදවා නොගත් ක්‍රීඩකයින් සමග හෝ සිය කණ්ඩායම සමග පසුගිය තරග වාරයේ දී ක්‍රීඩා කළ එහෙත් රදවා නොගත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග ගිවිසුම් ගත වීමට අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව මෙවර තරගාවලියේ දී ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් ඇන්ඩ්‍රි රසල් ගිවිසුම් ගත වීම විශේෂත්වයක්.

කයිරන් පොලාඩ් හා ඇන්ඩ්‍රි රසල් සී.පී.එල් තරගාවලියේ දී එක් කණ්ඩායමක් නියෝජනය කරන පළමු අවස්ථාව මෙයයි.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද ඇන්ඩ්‍රි රසල් ක්‍රීඩා කරන්නේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන්ට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහායි.

රසල්ට අමතරව නිකලස් පූරාන් සමග ද ගිවිසුම් ගත වීමට ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

කයිරන් පොලාඩ්ට අමතරව නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ රදවා ගැනීමට කටයුතු කර ඇත්තේ සුනිල් නාරායන්, අකීල් හොසේයින්, ජෙයිඩ්න් සීල්ස් හා Tion Webster යන ක්‍රීඩකයින්.

මේ අතර, ගයානා කණ්ඩායම විසින් ශිම්රන් හෙට්මයර්, ඔඩියන් ස්මිත්, රොමාරියෝ ෂෙපර්ඩ් හා චන්ද්‍රපෝල් හෙම්රාජ් යන ක්‍රීඩකයින් සිය කණ්ඩායමේ රදවා ගෙන තිබෙනවා.

ඔවුන් නව ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් දෙදෙනා අතරට කීමෝ පෝල් ද අයත්.

ජැමයිකා කණ්ඩායම මෙවර රදවා ගෙන ඇත්තේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි. එනම්, නායක රොව්මන් පවෙල්, කෙනාර් ලුවිස් හා ශමාර් බෘක්ස් යන ක්‍රීඩකයින්.

බ්‍රෙන්ඩන් කිං හා ෆේබියන් ඇලන් සමග ජැමයිකා කණ්ඩායම ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

ශාන්ත කිට්ස් කණ්ඩායම විසින් ඩැරන් බ්‍රාවෝ හා ඇන්ඩ්‍රි ෆ්ලචර් සමග ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඩ්වේයන් බ්‍රාවෝ, එවින් ලුවිස්, ශෙල්ඩන් කොට්‍රෙල්, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් හා ඩොමිනික් ඩ්‍රෙක්ස් සිය කණ්ඩාමේ රදවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර සී.පී.එල් තරගාවලිය අගෝස්තු 30 වනදා ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත්, ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) සිදු කෙරෙන දිනය මෙතෙක් නිවේදනය කර නැහැ.

කණ්ඩායම් 6 විසින් රදවා ගත් හා නව ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩක ලැයිස්තුව –

  • Trinbago Knight Riders: Kieron Pollard, Andre Russell (s)*, Sunil Narine, Nicholas Pooran (s), Akeal Hosein, Jayden Seales, Tion Webster
  • Saint Lucia Kings: Roston Chase, Johnson Charles (s), Kesrick Williams, Alzarri Joseph, Mark Deyal (s), Jeavor Royal
  • Jamaica Tallawahs: Rovman Powell, Fabian Allen (s), Brandon King (s), Kennar Lewis, Shamarh Brooks
  • St Kitts & Nevis Patriots: DJ Bravo, Darren Bravo (s), Evin Lewis, Andre Fletcher (s), Sherfane Rutherford, Sheldon Cottrell, Dominic Drakes
  • Barbados Royals: Jason Holder, Obed McCoy (s), Kyle Mayers, Hayden Walsh Jr, Devon Thomas (s), Oshane Thomas, Nayeem Young
  • Guyana Amazon Warriors: Shimron Hetmyer, Odean Smith, Romario Shepherd, Chandrapaul Hemraj, Keemo Paul (s), Gudakesh Motie (s)

*(s) – sign

Leave a comment