Ultimate magazine theme for WordPress.

රෂීඩ් ඛාන්ට තීරණාත්මක තරගයත් අහිමි වන ලකුණු

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා ද දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ජොනතන් ට්‍රොට් පවසනවා.

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 132 ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ අනුව මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් තරග 1-1 ක් ලෙස තරග 3කින් යුත් එක්දින තරගාවලියේ සම මට්ටමේ රැදී සිටිනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන්ට පළමු එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි.

නමුත් තෙවැනි තරගයට පෙර ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අධීක්ෂණය කර එම තරගයට ඔහුට ක්‍රීඩා කළ හැකිදැයි තීරණය කරන බව ජොනතන් ට්‍රොට් පෙන්වා දෙනවා.

Leave a comment