Ultimate magazine theme for WordPress.

යොවුන් ලෝක කුසලානයේ සුපිරි 6 වටයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ තරග ජනවාරි 30 වැනිදා සිට ආරම්භ වනවා.

සුපිරි 6 වටය සදහා රටවල් 12 ක් සුදුසුකම් ලබා ඇති අතර, ඒ අනුව එම වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඇෆ්ඝනිස්තානය, නැමීබියාව හා ස්කොට්ලන්තය යන රටවල්වලටයි.

පළමු වටයේ දී ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන 3 හිමි කර ගත් කණ්ඩායම් 12 සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

A කාණ්ඩයෙන් තේරී පත් වූ රටවල් 3 හා D කාණ්ඩයෙන් තේරී පත් රටවල් 3 සුපිරි 6 වටයේ දී එක් කාණ්ඩයකින් තරග වැදීමට නියමිතයි.

B කාණ්ඩයෙන් තේරී පත් වූ රටවල් 3 හා C කාණ්ඩයෙන් තේරී පත් රටවල් 3 සුපිරි 6 වටයේ දී අනෙක් කාණ්ඩයෙනුයි තරග වැදීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව සුපිරි 6 වටයේ කාණ්ඩ දෙක නිර්මාණය වී ඇත්තේ පහත සදහක් අයුරින් –

  • India, Bangladesh, Ireland, Pakistan, New Zealand, Nepal.
  • South Africa, England, West Indies, Australia, Sri Lanka, Zimbabwe

සෑම කණ්ඩායමක්ම සුපිරි 6 වටයට සිය කාණ්ඩයෙන් (මූලික වටයේ) සුදුසුකම් ලැබූ සෙසු රටවල්වලට එරෙහිව තමන් ලැබූ ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය සුපිරි 6 වටය සදහා රැගෙන යනවා.

සුපිරි හය වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරග දෙක මූලික වටයේ දී තමන් ක්‍රීඩා නොකළ කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ රටවල්වලට එරෙහිවයි පැවැත්වෙන්නේ. කෙසේ වෙතත්, තමන් මූලික වටයේ දී හිමි කර ගත් ස්ථානයම අනෙක් කාණ්ඩයෙන් හිමි කර ගත් කණ්ඩායමට එරෙහිව කිසිදු කණ්ඩායමක් ක්‍රීඩා කරන්නේ නැහැ.

එනම් ශ්‍රී ලංකාව මූලික වටයේ දී සී කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් බැවින් ඔවුන් බී කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් එංගලන්තයට එරෙහිව සුපිරි 6 වටයේ දී ක්‍රීඩා කරන්නේ නැහැ.

බී කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගත් සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව හා තෙවැනි ස්ථානය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි ශ්‍රී ලංකාව සුපිරි 6 වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

කාණ්ඩ දෙකෙන්ම පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

Super Six Fixtures

  • 30 January

India v New Zealand in Bloemfontein

Sri Lanka v West Indies in Kimberley

Pakistan v Ireland in Potchefstroom

  • 31 January

Nepal v Bangladesh in Bloemfontein

Australia v England in Kimberley

Zimbabwe v South Africa in Potchefstroom

  • 02 February

India v Nepal in Bloemfontein

West Indies v Australia in Kimberley

South Africa v Sri Lanka in Potchefstroom

  • 03 February

Pakistan v Bangladesh in Benoni

New Zealand v Ireland in Bloemfontein

England v Zimbabwe in Potchefstroom