Ultimate magazine theme for WordPress.

යුස්වේන්ද්‍ර චෙහල් මාලිංග අභිබවා යයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල් අද(5) සමත් වුණා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ලකුණු 50 කට එක් කඩුල්ලක් දවා ගනිමින්.

අයි.පී.එල් ඉතිහාසයේ දී චෙහල් මේ වන විට තරග 133 කදී බිද හෙලා ඇති කඩුලු ගණන 171 ක්.

වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානය මෙතෙක් හිමි කර ගෙන සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. මාලිංග තරග 122 කදී කඩුලු 170 ක් බිද හෙලා තිබුණා.

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන්නේ තරග 161 කදී කඩුලු 183 ක් බිද හෙලූ ඩ්වේයන් බ්‍රාවෝ.

Leave a comment