Ultimate magazine theme for WordPress.

යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමේ වෝනර්ගේ බලාපොරොත්තු සුන් වෙයි

ඔස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් 2025 වසරේ පාකිස්තානයේ දී පැවැත්වෙන අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් වන තේරීම් සදහා සලකා නොබලන බව එරට ජාතික තේරීම් කමිටු නිළධාරී ජෝර්ජ් බේලි පවසනවා.

තේරීම් කමිටුව ඔහුව මේ වන විට සලකා බලන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් අයෙකු ලෙස පමණක් බවයි බේලි සදහන් කළේ.

වෝනර් පසුගිය ජනවාරි මාසයේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත් අතර, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සිය අවසන් එක්දින ජාත්‍යන්තර තරගාවලිය බවයි ඔහු සදහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, 2025 ශූරයින්ගේ කුසලානය ක්‍රීඩා කිරීමට තමා සූදානම් බව ඔහු එක්දින පිටියෙන් සමු ගැනීම නිවේදනය කරන විටද සදහන් කළා.

නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් සමග ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වුණා.

නමුත්, සිය Instagram ගිණුමෙහි සටහනක් තබමින් වෝනර් මෑතකදී ද සදහන් කර තිබුණේ 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා තෝරා ගතහොත් තමන් එම තරගාවලියට ක්‍රීඩා කිරීමට තවමත් සූදානමින් සිටින බවයි.