Ultimate magazine theme for WordPress.

මෝහිට්, නූර්, රෂීඩ් ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ටයිටන්ස් ජය ගනියි

Match Report

මෝහිට් ෂර්මා ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(31) සමත් වුණා.

අහ්මදාබාද් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 162 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සායි සුදර්සන් ලකුණු 45 ක්, ෂුබ්මන් ගිල් ලකුණු 36 ක් හා ව්රිධිමන් සහා ලකුණු 25 ක් රැස් කළා. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 44(27) ක් හා විජයි ශන්කර් නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් අභිෂේක් ෂර්මා හා අබ්දුල් සමාද් ලකුණු 29 බැගින් රැස් කළා. හෙන්රික් ක්ලාසන් ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී මෝහිට් ෂර්මා ලකුණු 25 කට කඩුලු 3ක් දවා ගත්තා. අස්මතුල්ලාහ් ඔමර්සායි, උමේෂ් යාදව්, රෂීඩ් ඛාන්, නූර් අහ්මඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.