Ultimate magazine theme for WordPress.

මෝර්නි මෝර්කල් ඉල්ලා අස් වෙයි

පාකිස්තාන පන්දු යැවීමේ පුහුණුකරු මෝර්නි මෝර්කල් සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

පසුගිය ජූනි මාසයේ දී දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ මෝර්කල් පාකිස්තාන කණ්ඩායම සමග ගිවිසුම්ගත වූයේ මාස හයක කාලයක් සදහායි.

ඔහුගේ පළමු වගකීම බවට පත් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව මෙරට දී පැවැති ටෙස්ට් තරගාවලියයි.

ඔහු වෙනුවට පත් කරන නව පන්දු යැවීමේ පුහුණුකරු පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

පාකිස්තානය මීළගට ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙසැම්බර් 14 වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියයි.