මොයීන් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
2014 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් මොයීන් අලී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 68 ක්, එක්දින තරග 138 ක් හා විස්සයි 20 තරග 92 ක් ක්‍රීඩා කළා.
ඔහු ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 6,678 ක් රැස් කර ඇති අතර, ඊට ශතක අටක් හා අර්ධ ශතක 28 ක් ඇතුළත්. මොයීන් දවා ගෙන ඇති කඩුලු ගණන 366 ක්.
ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහිවයි.