මොන්ගෝලියාව T20I ඉතිහාසයේ අවම ලකුණු සංඛ්‍යාවට දැවී යයි

පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී කණ්ඩායක් දැවී ගිය සම අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට මෝග්ගෝලියා කණ්ඩායමට අද(5) සිදු වුණා.
ඒ, විස්සයි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සදහා පැවැත්වෙන ආසියානු කලාපීය A තරගාවලිය (T20 World Cup Asia Qualifier A) යටතේ සිංගප්පූරුව සමග පැවැති තරගයේ දී යි.
මැලේසියාවේ බන්ගි නුවර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මොන්ගෝලියාවේ සියලු දෙනා ලකුණු 10 කට දැවී ගියේ පන්දුවාර 10 ක් අවසානයේ දී යි.
ඔවුන්ගේ ඉනිමේ දී පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු නොලබා දැවී ගිය අතර, පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු දෙක බැගින් ද, පිතිකරුවන් 4 දෙනෙකු එක් ලකුණ බැගින් ද රැස් කළා.
පන්දු යැවීමේ දී 17 හැවිරිදි Harsha Bharadwaj ලකුණු 3කට කඩුලු හයක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිංගප්පූරුව පන්දු 5 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 13 ක් ලබා ගනිමින් ජයග්‍රහනය තහවුරු කර ගත්තා.
මීට පෙර Isle of Man රාජ්‍ය ද 2023 වසරේ දී ස්පාඥ්ඥයට එරෙහිව ලකුණු 10 කට දැවී ගොස් තිබුණා.
අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය රටවල් ලැයිස්තුවේ තෙවැනි හා සිව්වැනි ස්ථාන ද හිමිව ඇත්තේ මොන්ගෝලියාවයි. ඔවුන් ජපානය හමුවේ පසුගිය මැයි මාසයේ දී ලකුණු 12 කට දැවී ගිය අතර, අගෝස්තු මාසයේ දී හොංකොං හමුවේ ලකුණු 17 කට දැවී ගියා.