මෙන්ඩිස්ගේ කැපිටල්ස් පරදා SA 20 ශූරතාවය සන්රයිසස් කණ්ඩායමට
Match Report

දකුණු අප්‍රිකාවේ පැවැති SA 20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට අද(12) පැවැති අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළ ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කළ සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායම සමත් වුණා.
ජොහැනස්බර්ග් හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දුන් කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 135 ක් පමණයි.
කුසල් මෙන්ඩිස් ලකුණු 21 කට දැවී ගියා. පන්දු 19 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහරක් ඇතුළත්.
රයිලී රොසෝව් හා ජේම්ස් නීෂම් ලකුණු 19 බැගින් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Roelof van der Merwe ලකුණු 31 කට කඩුලු 4ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායම පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 137 ක් ලබා ගනිමින් කඩුලු 4කින් තරගයේ ජය තහවුරු කර ගත්තා.
ඇඩම් රොසින්ග්ටන් ලකුණු 57 ක් පන්දු 30 කින් රැස් කළා. නායක ඒඩ්න් මාක්‍රම් ලකුණු 26 ක් හා ජෝර්ඩන් හර්මන් ලකුණු 22 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී අන්රික් නොකියා ලකුණු 21 කට කඩුලු 2 ක් බිද හෙලුවා.