Ultimate magazine theme for WordPress.

මැදපෙල සුපිරි පිතිකරු 5 වැනි තරගයෙනුත් ඉවතට – බුම්රා යළි සංචිතයට කැදවයි

ආබාධයකට ලක්ව සිටින ඉන්දීය මැද පෙල පිතිකරු කේ එල් රාහුල්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි ලෙස අධීක්ෂණය කරමින් සිටින බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර විශේෂඥයින් සමඟ ද සම්බන්ධ වෙමින් ඔහුගේ ආබාධය තවදුරටත් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

පළමු ටෙස්ට් තරගයෙන් පසුව ඇති වූ ඔහුගේ ආබාධය හේතුවෙන් රාහුල්ට දෙරට අතර පැවැති ඉතිරි සියලු ටෙස්ට් තරග අහිමි වුණා.

මේ අතර, දෙරට අතර රංචි හී දී පැවැති සිව්වැනි ටෙස්ට් තරගය සදහා වන ඉන්දීය සංචිතයෙන් නිදහස් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා පස්වැනි තරගය සදහා වන සංචිතයට යළි කැදවා තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක වොෂින්ටන් සුන්දර් සංචිතයෙන් නිදහස් කර ඇති අතර, රංජි කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය ක්‍රීඩා කිරීම සදහා ඔහු තමිල්නාඩු කණ්ඩායම සමග එක් වීමට නියමිතයි.

එම අවසන් පූර්ව තරගයෙන් පසුව අවශ්‍ය වුවහොත් පමණක් ඔහු පස්වැනි තරගය වෙනුවෙන් ඉන්දීය සංචිතය සමග එක් වනු ඇති.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 3-1 ක් ලෙස ඉන්දියාව පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, අවසන් ටෙස්ට් තරගය එළඹෙන 7 වැනිදා ධරම්සාලා හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, පාදයක ආබාධයකට ලක්ව සිටි මොහමඩ් ෂාමි පසුගිය 26 වැනිදා සාර්ථක ශල්‍යකර්මයකට මුහුණ දුන් බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද(29) තහවුරු කළා. ඔහු මේ වන විට හොදින් සුවය ලබමින් සිටින බවත්, පුනරුත්තාපන කටයුතු වෙනුවෙන් ඉදිරියේ දී බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත වාර්තා කිරීමට නියමිත බවත් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

India’s updated squad for the 5th Test:

Rohit Sharma (C), Jasprit Bumrah (VC), Yashasvi Jaiswal, Shubman Gill, Rajat Patidar, Sarfaraz Khan, Dhruv Jurel (WK), KS Bharat (WK), Devdutt Padikkal, R Ashwin, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Mohd. Siraj, Mukesh Kumar, Akash Deep.