Ultimate magazine theme for WordPress.

මැතිව්ස්, කුසල් කැදවමින් ශ්‍රී ලංකා එක්දින හා 20යි 20 සංචිත නිවේදනය කෙරේ

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 බැගින් වන එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන ශ්‍රී ලංකා සංචිත අද(17) ප්‍රකාශයට පත් කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිත සදහා ක්‍රීඩකයින් 18 දෙනෙකු බැගින් නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක එක්දින හා 20යි 20 සංචිත සදහා ඇතුළත් කර තිබෙනවා.

එක්දින සංචිතය සදහා ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් යළි කැදවා ඇති අතර, 20යි 20 සංචිතය සදහා කුසල් ජනිත් පෙරේරා යළි කැදවා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම එක්දින සංචිතය සදහා සහන් ආරච්චිගේ මෙන්ම 20යි 20 සංචිතය සදහා ලසිත් කෘෘස්පුල්ලේ නම් කර තිබෙනවා.

සධීර සමරවික්‍රම හා නුවනිදු ප්‍රනාන්දු සංචිත දෙක සදහාම ඇතුළත් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නවසීලන්ත සංචාරයේ සීමිත පන්දුවාර තරග සදහා ද එක්වන්නේ නැහැ.

චමීර වෙනුවට එක්දින සංචිතය සදහා මතීෂ පතිරණ ආදේශ කිරීමටත්, 20යි 20 සංචිතය සදහා ප්‍රමෝද් මදුෂාන් ආදේශ කිරීමටත් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

චමීර මෙම සංචාරය සදහා පළමුව නම් කර තිබුණ ද, ඔහුගේ වම් පාදයේ සිදු කළ ශල්‍යකර්මයෙන් පසුව තවදුරටත් ඔහු පුනරුත්තාපන කටයුතුවල නිරතව සිටින බැවින් නවසීලන්ත සංචාරය සදහා දුෂ්මන්ත චමීර එක්වන්නේ නැහැ.

මාර්තු 25 වැනිදා දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ඔක්ලන්ඩ් හී දී යි. දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ද, තෙවැනි එක්දින තරගය මාර්තු 31 වැනිදා හැමිල්ටන් හී දී ද පැවැත්වීමට නියමිතයි.

පසුව 20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වනවා. දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

එක්දින සංචිතය –

1.) Dasun Shanaka – Captain
2.) Pathum Nissanka
3.) Nuwanidu Fernando
4.) Kusal Mendis – (Wk & Batsman) – Vice Captain
5.) Angelo Mathews
6.) Charith Asalanka
7.) Sadeera Samarawickrama
8.) Dhananjaya De Silva
9.) Sahan Arachchige
10.) Wanindu Hasaranga
11.) Dunith Wellalage
12.) Maheesh Theekshana
13.) Kasun Rajitha
14.) Lahiru Kumara
15.) Pramod Madushan
16.) Dilshan Madushanka
17.) Chamika Karunaratne
18.) Matheesha Pathirana – comes in place of Dushmantha Chameera

20යි 20 සංචිතය –

1.) Dasun Shanaka – Captain
2.) Pathum Nissanka
3.) Kusal Mendis (WK & Batsman)
4.) Dhananjaya De Silva
5.) Charith Asalanka
6.) Kusal Janith Perera
7.) Lasith Croospulle
8.) Sadeera Samarawickrama
9.) Nuwanidu Fernando
10.) Wanindu Hasaranga – Vice Captain
11.) Maheesh Theekshana
12.) Dunith Wellalage
13.) Kasun Rajitha
14.) Lahiru Kumara
15.) Dilshan Madushanka
16.) Chamika Karunaratne
17.) Matheesha Pathirana
18.) Pramod Madushan – comes in place of Dushmantha Chameera

Leave a comment