Ultimate magazine theme for WordPress.

මැක්ස්වෙල් හා මාෂ්ට කෝටි 4.8 ක ගිවිසුමක් අත්හරින්න වෙයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ග්ලේන් මැක්ස්වෙල් හා මිචෙල් මාෂ් එංගලන්තයේ පැවැත්වීමට නියමිත මෙවර හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම London Spirit කණ්ඩායම වෙනුවෙනුයි ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ.

පවුම් 125,000 ක (රුපියල් කෝටි 4.8 ක පමණ) වටිනාකමකින් යුත් ගිවිසුම් යටතේ ග්ලේන් මැක්ස්වෙල් හා මිචෙල් මාෂ් තරගාවලියට තෝරා ගෙන තිබුණා.

කෙසේ වෙතත්, එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙන් ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු කළමණාකරණය කිරීමේ අරමුණින් මැක්ස්වෙල්ට හා මාෂ්ට තරගාවලියෙන් ඉවත් වන ලෙස එරට ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

Leave a comment