මහේල ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා එම ධූරයෙන් ඉවත් වී තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
සිය ධූර කාලයේ දී මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආකෘතිය හා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ වැදගත් වෙනස්කම් රැසක් සිදු කළා.
2022 වසර ආරම්භයේ සිට මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඇතැම් වැදගත් තරග සංචාරයන්හී දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග ද ඔහු උපදේශකවරයෙකු ලෙස එක්ව සිටියා.