Ultimate magazine theme for WordPress.

මහ්මුදුල්ලාහ්ට කොරෝනා ආසාදනය වීමෙන් PSL අහිමි වෙයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

ටමිම් ඉක්බාල් සහ මහ්මුදුල්ලාට පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු 20යි 20 තරගාවලිය සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ඝට්ටනය නොවීම හේතුවෙන් මෙලෙස ඒ සදහා අවසර ලබා දීමට ඔවුන් තීරණය කර තිබුණා.

ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම විසින් ටමිම් ඉක්බාල් සිය කණ්ඩායමට ලබා ගැනීමට තීරණය කර තිබුණේ ක්‍රිස් ලින් වෙනුවටයි.

එමෙන්ම මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම විසින් මොයීන් අලී වෙනුවට මහ්මුදුල්ලා සිය කණ්ඩායමට තෝරා ගෙන තිබුණා.

කොරෝනා වසංගතය නිසා කල් දැමීමට සිදු වූ 2020 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 ලබන 14 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment