Ultimate magazine theme for WordPress.

මයිකල් වෝන්ගේ පුත්‍රයා පළමු වෘත්තීමය ගිවිසුමට අත්සන් තබයි

එංගලන්ත හිටපු නායක මයිකල් වෝන්ගේ පුත් Archie Vaughan සිය පළමු වෘත්තීමය ගිවිසුම සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම සමග අත්සන් තබා තිබෙනවා.

මුල් පෙල පිතිකරුවෙකු හා දග පන්දු යවන්නෙකු වන 18 හැවිරිදි ඔහු අත්සන් තබා ඇති ගිවිසුම නොවැම්බර් පළමු වැනිදා සිට බලපැවැත්වෙන අතර, 2025 හා 2026 තරග වාර සදහා එම ගිවිසුම වලංගු වනවා.

Archie Vaughan ගේ පියා වන මයිකල් වෝන් ටෙස්ට් තරග 82 කදී හා එක්දින තරග 86 කදී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, 2003 වසරේ සිට 2008 දක්වා ඔහු එංගලන්තයේ නායකයා ලෙස ද කටයුතු කළා.

තවමත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ඇති 2005 අලුබදුන ශූරතාවය එංගලන්තය ජය ගත්තේ ද ඔහුගේ නායකත්වය යටතේයි.