Ultimate magazine theme for WordPress.

මදුෂංක බංග්ලාදේශ සංචාරයෙන් ඉවතට – කෝටි 17 ක IPL ගිවිසුමත් අවධානමේ

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දෙවැනි එක්දින තරගයේ දී මුහුණ දුන් වම් පාදයේ ආබාධය (left hamstring injury) හේතුවෙන්.

ඒ අනුව ඔහු බංග්ලාදේශ සංචාරයේ ඉතිරි තරග වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවත්, ඔහු යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මෙරටට පැමිණීමෙන් පසුව ඔහු සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතයි.

දෙවැනි එක්දින තරගයේ දී ඔහු පන්දු යවමින් සිටියදීයි අදාළ ආබාධයට මුහුණ දුන්නේ. අනතුරුව මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණවලදී (MRI scan) ඔහුගේ ආබාධය පිළිබද වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ආබාධය නිසා මදුෂංක දෙවැනි එක්දින තරගයේ දී යොමු කළේ පන්දුවාර 6.4 ක් පමණයි. එහිදී ලකුණු 30 කට කඩුලු දෙකක් දවා ගැනීමට ද ඔහු සමත් වුණා.

තරගාවලියේ පළමු තරග දෙකේ දී ම පළමු පන්දුවාරයෙන්ම ඔහු කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව ඔහුගේ අහිමි වීම තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති.

එළඹෙන 22 වැනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ඩිල්ෂාන් මදුෂංක ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත්, මෙම ආබාධය නිසා ඔහුට අයි.පී.එල් තරගාවලියේ ද පළමු සති කිහිපයේ තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

ඔහුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකටයි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 17 ක පමණ මුදලකටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

Team Updates: Dilshan Madushanka

Dilshan Madushanka will not further take part in the ongoing tour as the bowler will return to start rehabilitation work after suffering an injury during the 2nd ODI.

Madushanka, who left the field during the second ODI while bowling, has suffered a left hamstring injury, as confirmed by an MRI scan performed on the player.

Leave a comment