Ultimate magazine theme for WordPress.

මතීෂ හා තීක්ෂණ IPL යන දවස

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළඹෙන 10 වැනිදා චෙන්නායි සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය අද(8) දිනයේ දී අවසන් වීමත් සමගයි.

ඒ අනුව ලබන 12 වැනිදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ඔවුන් දෙදෙනා සලකා බැලීමට චෙන්නායි කණ්ඩායමට හැකි වනු ඇති.

මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කරනවා. ඒ අතරින් භානුක රාජපක්ෂ පමණයි පංජාබ් කිංග්ස් සංචිතය සමග පළමු තරගයේ සිට එක්ව සිටියේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංග ද එළඹෙන 10 වැනිදා බැංගලෝර් සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

ඇතැම් විට එදින පැවැත්වීමට නියමිත ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගය සදහා ද හසරංගට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක ද ඉදිරි දිනකදී එම කණ්ඩායම සමග එක්වනු ඇති.

Leave a comment