Ultimate magazine theme for WordPress.

බෙරිල් සුළි කුණාටුව නිසා කොදෙව් ප්‍රබලයින් දෙදෙනෙකුටත් අකරතැබ්බයක්

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසප් හා වමත් දග පන්දු යවන ක්‍රීඩක ගුඩකේෂ් මෝති කොදෙව් ටෙස්ට් සංචිතය සමග එංගලන්තයේ දී එක්වීම ප්‍රමාද වී තිබෙනවා.

ඒ, ගයානා සිට ඔවුන් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානය බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබීම හේතුවෙන්.

ඒ අනුව බදාදා දිනයේ දී ආරම්භ වූ තෙදින පුහුණු තරගය සදහා කොදෙව්වන් නියෝජනය කිරීමේ අවස්ථාව එම ක්‍රීඩකයින් දෙදෙනාට අහිමි වුණා.

මෝති බදාදා පස්වරු කාලයේ දී ලන්ඩන් නුවරට පැමිණ ඇති බවත්, ශමාර් ජෝසප් සිකුරාදා දිනයේ දී එංගලන්තයට පැමිණීමට නියමිතව ඇති බවත් සදහන්.

ඒ අනුව ජූලි 10 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත කොදෙව්-එංගලන්ත පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට හිමි වනු ඇති.