බුම්රා එක්දින තරගාවලියෙන් ඉවතට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ක්‍රීඩා නොකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට බුම්රාට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබුණේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.
ආබාධය නිසා ඔහුට ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද අහිමි වුණා.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව නම් කෙරුණු ඉන්දීය එක්දින සංචිතයට ද ඔහුව නම් කර නොතිබූ නමුත්, ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුව නිවේදනය කළේ ජාතික ක්‍රිකට් ඇකඩමිය විසින් බුම්රා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඔහුව එක්දින සංචිතයට නම් කරන බවයි.
කෙසේ වෙතත්, ආබාධය සුව වීමෙන් පසුව කඩිනමින් තරග බිමට ගෙන්වා ඔහුව අවදානමකට ලක් නොකිරීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට තීරණය කර ඇත්තේ ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමටයි.
India’s updated squad for Sri Lanka ODIs:
Rohit Sharma (Captain), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (VC), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik and Arshdeep Singh.