Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ 20යි 20 නායකත්වය මහ්මුදුල්ලාට අහිමි වෙයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේ හී දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක නුරුල් හසාන් පත් කර තිබෙනවා.

ඒ, 2019 වසරේ සිට එරට 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මහ්මුදුල්ලාහ් වෙනුවටයි.

පසුගිය කාලයේ දී මහ්මුදුල්ලාහ්ට පිතිකරණයේ දී මෙන්ම නායකයෙකු ලෙස ද සැලකිය යුතු දක්ෂතා දැක්වීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව අද(22) පැවැති සාකච්ඡාවකදී බංග්ලාදේශ ක්‍රිකට් බළධාරීන් විසින් අදාළ තීරණය මහ්මුදුල්ලාහ් වෙත දැනුම් දී තිබෙනවා.

සිම්බාබ්වේ සංචාරය සදහා බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව සිය සංචිතයේ වෙනස්කම් රැසක් ද සිදු කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මහ්මුදුල්ලාහ්, මුෂ්ෆිකර් රහීම් හා ශකිබ් අල් හසාන් යන ක්‍රීඩකයින් 20යි 20 තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

බංග්ලාදේශ ටෙස්ට් නායක ශකිබ් අල් හසාන් එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට බංග්ලාදේශ 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ඉඩ ඇති බවටයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි 20යි 20 තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට Parvez Hossain Emon, Mehidy Hasan Miraz, Najmul Hossain Shanto හා Hasan Mahmud යන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.

Bangladesh T20I squad:

Nurul Hasan (capt & wk), Munim Shahriar, Anamul Haque, Litton Das, Afif Hossain, Mahedi Hasan, Nasum Ahmed, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman, Hasan Mahmud, Mosaddek Hossain, Najmul Hossain Shanto, Mehidy Hasan Miraz, Parvez Hossain Emon

Bangladesh ODI squad: Tamim Iqbal (capt), Litton Das, Anamul Haque, Mushfiqur Rahim, Mahmudullah, Afif Hossain, Nurul Hasan (wk), Mehidy Hasan Miraz, Nasum Ahmed, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman, Hasan Mahmud, Najmul Hossain Shanto, Mosaddek Hossain, Taijul Islam