Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝ සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, ඔහුගේ ධූර කාලය 2023 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා වලංගුව පැවතුණු පසුබිමකයි.

Steve Rhodes ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී රසල් ඩොමින්ගෝ එරට කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණා.

ඩොමින්ගෝගේ පුහුණුකාරීත්වය යටතේ බංග්ලාදේශ කණ්ඩායම සිය රටේ දී ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට එරෙහිව 20යි 20 තරගාවලි ජය ගත් අතර, නවසීලන්තයේ දී ඓතිහාසික ටෙස්ට් තරග ජයක් ද වාර්තා කිරීමට සමත් වුණා.

එමෙන්ම දකුණු අප්‍රිකාවේ දී එක්දින තරගාවලියක් ද ජය ගැනීමට බංග්ලාදේශය සමත් වූයේ ඔහුගේ මග පෙන්වීම යටතේයි.