බංග්ලාදේශ එක්දින හා 20යි 20 කණ්ඩායමේ නායකත්වයත් නජ්මුල් හොසේන්ට

එළඹෙන නවසීලන්ත තරග සංචාරයට යෙදී ඇති එක්දින හා 20යි 20 තරගාවලියන් හී දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නජ්මුල් හොසේන් ශන්තෝට පැවරී තිබෙනවා.
මේ දිනවල නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී ද බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ඔහුයි.
නිත්‍ය නායක ශකිබ් අල් හසාන් හා උප නායක ලිටොන් දාස් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකර බැවිනුයි නජ්මුල් හොසේන්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමි වුණේ.
නවසීලන්ත සංචාරය සදහා ද ඇගිල්ලක සිදුව ඇති ආබාධය හේතුවෙන් ශකිබ් ක්‍රීඩා කරන්නේ නැහැ. කෙසේ වෙතත්, ලිටොන් දාස් එම සංචාරය සදහා නම් කර තිබෙනවා.
එක්දින සංචිතය සදහා අෆිෆ් හුසේන්, සෞම්‍ය සාකාර්, රිෂාද් හොසේන් හා රකිබුල් හසාන් කැදවා ඇති අතර, ටස්කින් අහ්මඩ් (ආබාධ), නසුම් අහ්මඩ්, මහෙදි හසාන් හා මහ්මුදුල්ලාහ් (ආබාධ) සංචිතයට නම් කර නැහැ.
Bangladesh ODI squad:
Najmul Hossain Shanto (c), Tanzid Hasan, Anamul Haque, Tawhid Hridoy, Mushfiqur Rahim, Litton Das, Afif Hossain, Soumya Sarkar, Mehidy Hasan Miraz, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan, Hasan Mahmud, Rishad Hossain, Rakibul Hasan
Bangladesh T20I squad:
Najmul Hossain Shanto (c), Litton Das, Rony Talukdar, Tawhid Hridoy, Shamim Hossain, Afif Hossain, Soumya Sarkar, Mehidy Hasan Miraz, Mahedi Hasan, Mustafizur Rahman, Shoriful Islam, Hasan Mahmud, Rishad Hossain, Tanvir Islam, Tanzim Hasan