Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියක්

මැයි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියක් බංග්ලාදේශයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ජූනි මාසයේ දී කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ද සූදානම් වීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධාන කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මැයි මාසයේ දී බංග්ලාදේශ කණ්ඩායම විස්සයි 20 තරග 3ක් සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇති පසුබිමක මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පළමු විස්සයි 20 තරග 3 මැයි 3 වැනිදා සිට චිතගොං හී දී පැවැත්වෙන අතර, අවසන් විස්සයි 20 තරග දෙක ඩකා හී දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, මෙම වසරේ දී බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට ද තීරණය කර තිබෙනවා. එය දෙරට අතර 2018 වසරෙන් පසුව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගාවලියයි.

බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර ද්විපාර්ශ්වික විස්සයි 20 තරගාවලියක් අවසන් වරට පැවැත්වුණේ 2022 වසරේ ජූලි මාසයේ දී යි. එම තරගාවලිය තරග 2-1 ක් ලෙස සිම්බාබ්වේ පිල ජය ගත්තා.

Bangladesh vs Zimbabwe fixtures

  • 1st T20I: May 3
  • 2nd T20I: May 5
  • 3rd T20I: May 7 (first three games in Chattogram)
  • 4th T20I: May 10
  • 5th T20I: May 12 (last two games in Dhaka)
Leave a comment