Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයේදීත් පුබුදු කැනඩා පුහුණුකරු ධූරයට – කැනඩා සංචිතයටත් වෙනස්කම්

එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ද කැනඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පුබුදු දසනායක මහතා කටයුතු කරන බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

පුබුදු දසනායක මහතාව සේවයෙන් ඉවත් කිරීමට අවිධිමත් ලෙස ගෙන තිබූ තීරණය අනුමත නොකිරීමට කැනඩා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකාව හා කැනඩා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර ඇති දසනායක, පසුගිය වසර දෙක තුළ කැනඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ කටයුතු කළා. ඔහු මීට පෙර නේපාල කණ්ඩායමේ පුහුණුකරු ලෙස දෙවරක් කටයුතු කර තිබූ අතර, ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා.

මේ අතර, පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන කැනඩා සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කිරීමට ද එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දග පන්දු යවන ක්‍රීඩක Nikhil Dutta හා වමත් වේග පන්දු යවන ක්‍රීඩක Rishiv Joshi ලෝක කුසලානය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පිතිකරු Kanwarpal Tathgur හා තුන් ඉරියව් ක්‍රීඩක Harsh Thaker සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව අතර Dallas  හී දී පැවැත්වීමට නියමිතයි.

Canada Squad:

Saad bin Zafar (c), Aaron Johnson, Ravinderpal Singh, Navneet Dhaliwal, Nicholas Kirton, Shreyas Movva, Nikhil Dutta, Pargat Singh, Rayyankhan Pathan, Dilpreet Bajwa, Dilon Heyliger, Junaid Siddiqui, Jeremy Gordon, Kaleem Sana, Rishiv Joshi

Coach: Pubudu Dassanayake | Assistant coach: Khurram Chohan | Assistant manager: Gurdeep Klair