පුජාරා ටෙස්ට් සංචිතයෙන් ඉවතට ; රුටුරාජ් හා යශස්වි සංචිතයට කැදවයි
බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන ටෙස්ට් හා එක්දින සංචිත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(23) නිවේදනය කළා.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට චෙටස්වර් පුජාරා නම් නොකිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති රුටුරාජ් ගයික්වඩ්, යශස්වි ජයිස්වාල් හා මුකේෂ් කුමාර් නම් කර තිබෙනවා.
අජින්කෙයා රහානේ උප නායකයා ලෙස නම් කරමින් මෙම සංචිතයට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි ටෙස්ට් හා එක්දින තරගාවලි දෙකෙන්ම විවේක ගන්වා ඇති අතර, උමේෂ් යාදව්ට ටෙස්ට් සංචිතයේ සිය ස්ථානය අහිමි වී තිබෙනවා.
මේ අතර, එක්දින සංචිතය සදහා සංජු සැම්සන් හා රුටුරාජ් ගයික්වඩ් යළි කැදවා ඇති අතර, එක්දින වරම් දිනා නොමැති මුකේෂ් කුමාර් එක්දින සංචිතය සදහා ද නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආබාධයකට ලක්ව සිටි කේ එල් රාහුල් සිය පුනරුත්තාපන කටයුතුවල තවදුරටත් නිරතව සිටින බැවින් ඔහු මෙම සංචිත සදහා නම් කර නැහැ.
මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.
ටෙස්ට් තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි අදියර යටතේ ඉන්දියාව හා කොදෙව්වන් ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.
20යි 20 තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ටෙස්ට් තරගාවලිය ජූලි 12 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජූලි 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
India’s Test squad:
Rohit Sharma (C), Shubman Gill, Ruturaj Gaikwad, Virat Kohli, Yashasvi Jaiswal, Ajinkya Rahane (vc), KS Bharat (wk), Ishan Kishan (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Shardul Thakur, Axar Patel, Mohd. Siraj, Mukesh Kumar, Jaydev Unadkat, Navdeep Saini.
India’s ODI squad:
Rohit Sharma (C), Shubman Gill, Ruturaj Gaikwad, Virat Kohli, Surya Kumar Yadav, Sanju Samson (wk), Ishan Kishan (wk), Hardik Pandya (vc), Shardul Thakur, Ravindra Jadeja, Axar Patel, Yuzvendra Chahal, Kuldeep Yadav, Jaydev Unadkat, Mohd. Siraj, Umran Malik, Mukesh Kumar.